Ads Top

සුන්දර තල් අරණේ සංචාරක නැවතුම් 5 (පළමු කොටස)

 


ආයුබෝවන් යාලුවනේ එහෙනම් අදත් ලස්සන සංචාරක ලිපියකි  මුණ ගැසෙමු. 





අපේ රටේ තියෙන තවත් ලස්සනම පළාතක් තමා උතුරු පළාත කියන්නේ. එකෙනුත් යාපනේ කියන දිස්ත්‍රික්කය විශේෂ කැපී පෙනන සුන්දරත්වයක් පෙන්වනවා. හින්දු සංස්කෘතිය ප්‍රසිද්ධ මේ ලස්සන යාපනේ බලන්න තියෙන දේවල් නම් ගොඩයි. අද ඉදන් ඒ කතාවත් අපි බලමු.

01. සක්කෝටෙයි තුඩුව -Sakkotei cape pointpedro

මේ තමයි ලංකාවේ උතුරු කෙලවර. ඉතා පැහැදිලි සාගරයක් හිමි වර්තමානයේ සංචාරක ආකර්ෂණය අරගත් ලස්සනම තැනක් තමා. යාපනේ යන ඔයාලා අනිවාර්යෙන්ම ලංකාවේ උතුරු කෙළවරටම යන්න අමතක කරන්න එපා. 




02. Point Pedro post box - පොයින්ට් පෙඩ්රෝ උතුරු අග්‍ර තැපැල් පෙට්ටිය

ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තමේන්තුව විසින් පවත්වාගෙන යන ශ්‍රී ලංකාවේ උතුරුම ස්ථානයට ආසන්නම පිහිටි විශේෂිත Iconic Landmark එකක් ලෙස සලකන ස්ථානයකි. සාගරයට ඉතා අසන්න නිසා සුන්දර වටපිටාවක් සහිත සංචාරක ආකර්ෂණය කරගත් තැනකි.


03. කදුරුගොඩ පුරාණ විහාරය - Ancient Kadurugoda Viharaya

දෙවනපියතිස්ස රජු සමයේ බුද්ධ ධර්මය ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසු මෙය වර්ධනය වූ බව සඳහන් වන අතර මෙය කර්.පූ. 3 වන ශත වර්ෂය දක්වා දිව යයි. මෙය කුඩා ස්තුප 60 කැට වැඩි ප්‍රමාණයක් එකම අතනයේ ඇති නිසා මෙය යාපනේ පුරවිද්යවත්මක හා ආගමික අතිනුත් වැදගත් ස්ථානයක් ලෙස සලකයි. 



04. කන්කසන්තුරේ ප්‍රදීපාගාරය - Kankesanthurai Lighthouse

උතුරු ශ්‍රී ලංකාවේ මුහුදු ගමනාගමනයට මාර්ග පෙන්වන ප්‍රධාන lighthouse එකක් වන අතර යුද්ධ කාලයෙන් පසු නැවත ප්‍රතිසංස්කරණය කර භාවිතයට අරගෙන තියෙන සුන්දර සාගර වටපිටාවක් සහිත සංචාරක ස්ථානයකි. 

 


05. කීරමලේ පොකුණ Keerimale (Keerimalai) Fresh water Spring

කීරමලේ ප්‍රදේශයේ පිහිටි ප්‍රසිද්ධ ස්වභාවික ජල උල්පත් පොකුණක්. මෙය මුහුදට ඉතා ආසන්නව තිබෙන නිසා විශේෂත්වයක් ඇත.පර්වත අතරින් එන ස්වභාවික මිශ්‍ර (fresh + mineral) ජලය තිබෙනවා. සම රෝග සහ ශරීර වේදනාවන්ට හොඳ බවට ජනප්‍රවාදයක් තිබේ.පුරාණ කතාවක් අනුව “නකුල මුණි” නම් ධර්මඥයෙකු මෙහි නාගෙන රෝග සුව වූ බව කියනවා. යාපනේ යන ඔයාල මෙහෙ යන්නත් අමතක කරන්න එපා 

@dinesh2k21 𝙉𝙤 𝙢𝙞𝙧𝙖𝙘𝙡𝙚𝙨. 𝙅𝙪𝙨𝙩 𝟮𝟬𝟮𝟲 #jaffna #SriLanka #uoj #2026 #vtmmv ♬ original sound - Mr.Handsome

ඔන්න එහෙන්ම අදට තල් අරණේ සංචාරය මෙසේ නිමයි. අයෙමත් ලස්සන සංචාරක ලිපියකින් ලගදීම මුණ ගැසෙමු..

(සියලුම චයාරුප හා විඩියෝස් හිමිකරුවත් සතු වේ.)

No comments:

කරුණාකර ඔබේ අදහස මෙහි දමා යන මෙන් ඉල්ලා සිටිනවා....

Powered by Blogger.